The Amazing Spider-Man (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි
චිත්‍රපටයේ විස්තර (Movie Details)
- නම: The Amazing Spider-Man (2012)
- නිකුත් වූ දිනය: 2012 ජූලි 3
- IMDb අගය: 6.9/10
- ප්‍රධාන නළු නිළියන්: Andrew Garfield (Peter Parker), Emma Stone (Gwen Stacy), Rhys Ifans (The Lizard)
කතාවේ පසුබිම
පීටර් පාකර් යනු මිතුරන්ගේ උසුළු විසුළු වලට නිරන්තරයෙන් මුහුණ දෙන අහිංසක සිසුවෙක්. ඔහුට පාසලේදී හිතවතියක් (ග්වෙන් ස්ටේසි) මුණ ගැසෙනවා. ඒ හිතවත්කම ආදරයක් දක්වා දුර දිග යනු ඇතැයි විටක සිතේ. නමුත් එය බිඳ වැටෙන්නෙ මන්ද?
කුඩා කලදීම දෙමාපියන්ගෙන් වෙන්වූ පාකර් හැදී වැඩෙන්නේ තම මාමා සහ නැන්දා සමගින්. ඔහුගේ පියා ජාන පිළිබඳ කීර්තිමත් විද්‍යාඥයෙක්. පියාගෙන් මොහු වෙන් වන්නේ ඇයි? ඒ පිළිබඳව පාකර් දැන සිටියේ නැහැ. නමුත් තම මාමා සමඟ යම් කටයුත්තක් කරන අවස්ථාවකදී ඔහුට වැදගත් ලියවිලි කිහිපයක් හමුවනවා.
එම ලියවිලි පිළිබඳව විස්තර පැහැදිලි කර ගැනීමට පීටර් උත්සාහ දරන්නෙ අපූරු වෛද්‍යවරයෙකුගේද (Dr. Connors) උපකාර ඇතිවය. එම විස්තර වෛද්‍යවරයා අතට පත්කිරීමෙන් මහා විනාශයක් සිදුවීමට අඩි තාලමක් දැමුවා යැයි පීටර් පාකර් දැන සිටියේ නැත.
කෙසේ හෝ අවසානයේ බිහිවන විකාරූපී අතිභයංකර සත්වයෙකු (The Lizard) සමඟ සටන් කර මහජනතාව බේරා ගැනීමටම ඉදිරිපත් වීමට සිදුවන්නේ පීටර් පාකර් හටය.. එනම් ස්පයිඩර් මෑන් හටය.
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: