Now You See Me 2 (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි
අවුරුද්දකට පස්සේ හැංගිලා හිටපු "The Four Horsemen" ආයෙත් එළියට එනවා. හැබැයි මේ පාර එයාලගේ ෂෝ එක පටන් ගන්න කලින්ම විනාශ වෙනවා!
ඔවුන්ව පැහැරගෙන යන්නේ තාක්ෂණික ලෝකයේ ප්‍රකෝටිපතියෙක් වන වෝල්ටර් මැබ්‍රි (Daniel Radcliffe). එයාට ඕනේ හොරකම් කරන්න බැරි චිප් එකක් මේ මැජික් ශිල්පීන් ලවා හොරකම් කරගන්න.
චිත්‍රපටයේ විස්තර
- සම්පූර්ණ නම: Now You See Me 2 (2016)
- නිකුත් වූ දිනය: 2016 ජූනි 10
- IMDb අගය: 6.5/10
- ප්‍රවර්ගය: Action, Adventure, Crime, Mystery, Thriller
- අධ්‍යක්ෂණය: Jon M. Chu
- ප්‍රධාන නළු නිළියන්: Jesse Eisenberg, Mark Ruffalo, Woody Harrelson, Daniel Radcliffe, Morgan Freeman
කතාවේ සාරාංශය
පළමු චිත්‍රපටයේ හෙන්ලි (Henley) වෙනුවට අලුත් සාමාජිකාවක් වන ලූලා (Lula) කණ්ඩායමට එකතු වෙනවා. ඔවුන්ගේ අරමුණ දූෂිත සමාගමක් හෙළිදරව් කරන එක වුණාට, කවුරුහරි ඔවුන්ව උගුලකට අහු කරනවා.
මැකාවු (Macau) වලට පැහැරගෙන යන ඔවුන්ට මුණගැහෙන්නේ වෝල්ටර්ව. වෝල්ටර් කියන්නේ ආතර් ට්‍රෙස්ලර්ගේ (පළමු චිත්‍රපටයේ හිටපු ධනවතා) පුතා. එයාට ඕනේ ලෝකයේ තියෙන ඕනෑම පරිගණකයකට රිංගන්න පුළුවන් චිප් එකක් හොරකම් කරගන්න.
කාඩ් කුට්ටමකින් චිප් එක මාරු කරන සීන් එක සහ වැස්ස පාලනය කරන හැටි බලන්නම වටිනවා. මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ කවුද? "The Eye" ඇත්තටම ඉන්නවද?
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: