⚔️ Rurouni Kenshin: The Legend Ends (2014) | පුරාවෘත්තයේ අවසානය!
🎞️ IMDb Rating: ⭐ 7.5/10📅 Release Year: 2014
🎭 Genre: Action | Drama | Samurai
🌏 Country: Japan
🎬 Director: Keishi Ohtomo
⭐ Main Cast: Takeru Satoh, Emi Takei, Tatsuya Fujiwara, Ryunosuke Kamiki
කෙන්ෂින් පරාදයි. ඔහුගේ කඩුව කැඩිලා. ඔහුගේ ආදරය අහිමි වෙලා. අතීතයේ යක්ෂයා, ශිෂියෝ මකොටෝ, ජයග්‍රහණය අතේ තියාගෙන ටෝකියෝව ගිලගන්න එනවා.
වැටුණු තැනින් නැගිටින්න කෙන්ෂින්ට පුළුවන් වෙයිද?
මේ, නිකම්ම සටනක් ගැන කතාවක් නෙවෙයි. මේ, බිඳුණු මිනිසෙක් තමන්ගේ ආත්මය නැවත සොයාගැනීම ගැන කතාවක්. පණ නැතිව මුහුදෙන් ගොඩගන්නා කෙන්ෂින්ව භාරගන්නේ ඔහුගේ ගුරුවරයා, සෙයිජුරෝ හිකෝ. ඒ කියන්නේ, "බත්තෝසායි" කියන මිනීමරුවාව නිර්මාණය කරපු මිනිසා.
ශිෂියෝව පරද්දන්න නම්, කෙන්ෂින් තමන්ගේ අතීතයට මුහුණ දෙන්න ඕන. මිනීමරුවෙකුගේ හදවතින් මිදී, ආරක්ෂකයෙකුගේ ආත්මය සොයාගන්න ඕන. ඒ සඳහා, ඔහුට තමන්ගේම ගුරුවරයාට එරෙහිව ජීවිතය පරදුවට තියලා, හිතෙන් මිට්සුරුගි ශෛලියේ අවසාන රහස ඉගෙනගන්න වෙනවා.
මේ අතරතුර, ශිෂියෝ තමන්ගේ ගිනිදැල් නැවෙන් ටෝකියෝ වටලනවා. ඔහුගේ අභියෝගය පැහැදිලියි: “බත්තෝසයිව මට දීපල්ලා, නැත්නම් මුළු නගරයම අළු කරලා දානවා!”
මේක කෙන්ෂින්ගේ තනි සටනක් නෙවෙයි. මේ, මිනී නොමරන බවට දිවුළ රුරෝනියෙකුගේ සහ ලේ වලින් බලය හොයන හිතොකිරියෙකුගේ දර්ශනයන් දෙකේ ගැටුම!
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
