🗡️ Rurouni Kenshin: The Beginning (2021) - සිංහල උපසිරසි සමග
IMDb Rating: ⭐ 7.4/10
Release Year: 2021
Category: Action | Drama | Romance
Language: Japanese (සිංහල උපසිරසි සමග)
Runtime: 2h 18min
⚔️ කතා සාරාංශය (සිංහලෙන්)
කෙන්ෂින්ගේ කම්මුලේ තියෙන X හැඩයේ කැලලේ ඇත්තම කතාව දන්නවද? කරුණාවන්ත හිමුරා කෙන්ෂින් කියන චරිතය බිහිවුණේ කොහොමද කියලා දැනගන්න ආසද?
මේ, අපි දන්න කෙන්ෂින්ගේ කතාව නෙවෙයි. මේ, ජපානයේ ලේ වැකි ඉතිහාසය වෙනස් කරන්න සටන් කරපු, "හිතොකිරි බත්තෝසායි" කියන අනුකම්පා විරහිත ඝාතකයාගේ කතාව. නව යුගයක් වෙනුවෙන් මිනිස්සුන්ව කඩුවෙන් කපා කොටා මරා දමන, හැඟීම් නැති මිනීමරුවෙක්ගේ අඳුරු ආරම්භය.
මේ බිහිසුණු ජීවිතය මැදට, අහම්බෙන් වගේ අද්භූත කාන්තාවක් එනවා — යුකිෂිරෝ තොමොඒ (Yukishiro Tomoe). ඇගේ නිහඬ ඇස් දෙක පිටිපස්සේ තියෙන්නේ ආදරයක්ද? නැත්නම්... ඇය ආවේ දරුණු පලිගැනීමකටද?
ලේ වලින් තෙත් වුණු කඩුවක් අතේ තියෙන මිනීමරුවෙක්ට ආදරය කරන්න පුළුවන්ද? තමන්ගේ අතින් මැරුණු කෙනෙක්ගේ පෙම්වතියට ආදරය කරන්න පුළුවන්ද?
"The Beginning" කියන්නේ නිකන්ම action movie එකක් නෙවෙයි. මේක තමයි මුළු කෙන්ෂින් කතා මාලාවේම හදවත. ආදරය, පලිගැනීම, පසුතැවීම සහ සමාව දීම ගැන කියවෙන හදවත පසාරු කරන ශෝකාන්තයක්. ❤️
හිතොකිරි බත්තෝසායි කියන ඝාතකයා, මින් මතු කිසිම දිනක මිනී නොමරන බවට දිවුරලා "රුරෝනි කෙන්ෂින්" බවට පත් වෙන්නේ ඇයි කියලා දැනගන්න නම්, මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න ඕනේ.
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
