Jumanji (1995) Sinhala Dubbed | සිංහල හඩකැවු
සතුන් පිරුණු කැලෑවක් ගෙදර සාලේ මැද්දට අරගෙන ආපු, ත්‍රාසය, භීතිය සහ විනෝදය පිරුණු මේ අමරණීය සිනමා නිර්මාණය, සිංහල හඩකැවු (Sinhala Dubbed ) සමඟින් නැවත වරක් රසවිඳින්න ඔබට අවස්ථාව!
චිත්‍රපටය ගැන විස්තර
සම්පූර්ණ නම: Jumanji (1995)
IMDb අගය: 7.1/10
නිකුත් වූ දිනය: 1995 දෙසැම්බර් 15
ප්‍රවර්ගය: Adventure, Family, Fantasy
කතාව
1969 වසරේදී, ඇලන් පැරිෂ් නම් කුඩා පිරිමි ළමයාට අමුතු ආකාරයේ පුවරු ක්‍රීඩාවක් (Board Game) හමුවෙනවා. "ජුමන්ජි" නම් වූ මේ ක්‍රීඩාව පටන් ගන්න ඇලන්, ඩයිස් කැටය දාපු ගමන්ම ක්‍රීඩාව ඇතුළට ඇදිලා යනවා. "කවුරුහරි ඩයිස් එක දාලා 5ක් හෝ 8ක් ගන්නකම් ඔයා කැලෑවේ ඉන්න ඕනේ" කියලා ක්‍රීඩාව කියනවා.
අවුරුදු 26කට පස්සේ, ජූඩි සහ පීටර් කියන ළමයි දෙන්නා මේ ගෙදරට ඇවිත් ආයෙමත් මේ ක්‍රීඩාව පටන් ගන්නවා. ඔවුන්ගේ දාදු කැට පාරෙන්, දැන් ලොකු මිනිහෙක් වෙලා ඉන්න ඇලන් (Robin Williams) නැවතත් මනුෂ්‍ය ලෝකයට එනවා. හැබැයි එයා එන්නේ තනිවම නෙවෙයි. සිංහයෝ, වඳුරෝ, මිනී කන වැල්, මදුරුවෝ වගේම දඩයක්කාරයෙක්වත් එක්කගෙනයි.
දැන් මේ විනාශය නවත්තන්න නම් තියෙන එකම විසඳුම, පටන් ගත්ත ක්‍රීඩාව ඉවර කරන එක විතරයි. ඔවුන්ට මේක කරන්න පුළුවන් වෙයිද?
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
