Iron Man 2 (2010) – සිංහල උපසිරසි සමග
📅 Year: 2010🎞️ Genre: Action | Adventure | Sci-Fi
🎙️ Language: English (සිංහල උපසිරසි සහිතයි)
⭐ IMDb Rating: 7.0/10
🔥 කතාවේ සාරාංශය
ලෝකෙම ඉස්සරහ "මම තමයි Iron Man" කියලා තමන්ගේ අනන්‍යතාවය හෙළි කරපු Tony Stark දැන් ලෝක ප්‍රසිද්ධ superstar කෙනෙක්. හැමෝම එයාට වීරයෙක් වගේ සලකනවා. ඒත් ඒ ජනප්‍රියත්වයටයි, සන්නාහයටයි යටින් හැංගුණු මාරාන්තික රහසක් තියෙනවා. 🤫
ටෝනිගේ ජීවිතය රැකදෙන, පපුවේ තියෙන Arc Reactor එකේ පවතින පලේඩියම් (palladium) ලෝහය, ටිකෙන් ටික එයාගේ ශරීරයට විෂ වෙනවා. ඒ කියන්නේ, එයාගේ ජීවිතය බේරගන්න තාක්ෂණයම එයාව මරණයට පත් කරනවා! 😟 මේ නිසා ටෝනි හිතුවක්කාර, නොසැලකිලිමත් විදිහට ජීවිතේ විනාශ කරගන්න පටන් ගන්නවා.
මේ අතරේ, Stark පවුලේ අතීතයෙන්ම මතුවෙන දරුණු හතුරෙක්, Ivan Vanko (Whiplash), ටෝනිගෙන් පළිගන්න එනවා. ටෝනිගේ තාක්ෂණයම පාවිච්චි කරලා, Vanko හදාගන්න විදුලි කසපට (whips) එක්ක මොනාකෝ වලදී වෙන සටන නම් පිස්සුවක්! 🔥
මේ ප්‍රශ්න මදිවට, ඇමරිකානු රජය Iron Man තාක්ෂණය එයාලට දෙන්න කියලා බලපෑම් කරනවා. ටෝනිගේ තරඟකාරයෙක් වෙන Justin Hammer, එයාව පරද්දන්න ඕනම දෙයක් කරන්න ලෑස්ති වෙනවා.
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
