Until Dawn (2025) Sinhala Subtitle | සිංහල උපසිරසි
ක්ලෝවර්, නැනී, මේගන්, මැක්ස් සහ ඒබ් කියන්නේ හොඳම යාළුවෝ සෙට් එකක්. මේ අයගේ එකම අරමුණ ක්ලෝවර්ගේ අතුරුදහන් වුණු නංගි, මෙලනිව හොයාගන්න එක.
ඒත් ඔවුන් මේ ගමනේදී ඇතුල් වෙන්නේ ආපසු ඒමක් නැති මරණීය නිම්නයකට. අතුරුදහන් වුණු අය ආයෙත් නොඑන, දරුණු වධ හිංසා පිරුණු ගෙදරක් ඇතුළේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන භයානක අත්දැකීම, Until Dawn (2025) චිත්‍රපටය සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් නරඹන්න.
චිත්‍රපටයේ විස්තර
- සම්පූර්ණ නම: Until Dawn (2025)
- නිකුත් වූ වර්ෂය: 2025
- IMDb අගය: 5.7/10
- ප්‍රවර්ගය: Horror, Mystery, Thriller
- අධ්‍යක්ෂණය: David F. Sandberg (Lights Out, Annabelle: Creation)
කතාවේ අබිරහස
ක්ලෝවර් තමන්ගේ නංගිව හොයන්න යන අතරමගදී ගෑස් ස්ටේෂන් එකකින් දැනගන්නවා, යම්කිසි නිම්නයකට ගිය ගොඩක් අය ආපහු ඇවිත් නෑ කියලා. බියක් දැනුනත් යාළුවෝ එක්ක මේ නිම්නය හොයාගෙන යන ඔවුන්ට හම්බවෙන්නේ පාලු ගෙදරක්.
මේ ගෙදර ඇතුළේ තමයි හැමදෙයක්ම සිද්ධ වෙන්නේ. මෙතන තියෙන විශේෂම දේ තමයි, අහුවෙන කිසිම කෙනෙක්ව එකපාර මරන්නේ නෑ. ඔවුන්ට කීප වතාවක්ම දරුණු වද දීලා දීලා තමයි මරවන්නේ.මෙයාල මැරුනට ආයෙ කිපවතාවකම පන හම්බ වෙනව. ඒ කියන්නේ ඔවුන්ට බේරෙන්න පොඩි අවස්ථාවක් දෙනවා වගේ දෙයක්.
මේ යාළුවොන්ට මේ අවස්ථාවන් පාවිච්චි කරලා පණ බේරගන්න පුළුවන් වෙයිද?
නැත්තම් සදහටම මැරෙන්න වෙයිද?
මෙලනිව පණපිටින් හොයාගන්න ලැබෙයිද?
කවුද මේ වධකාගාරය පාලනය කරන්නේ?
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: